ඊශ්රායලයේ රැකියා සඳහා අයඳුම් කර ඇති පුද්ගලයන්ට තොරතරු ලබා ගැනීම සඳහා "නව වෙබ් අඩවියක්" හඳුන්වා දි තිබෙනවා.
එය හඳුන්වා දීම ඊයේ සිදු කෙරුණේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, කෝශල වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඊශ්රායලයේ රැකියා සඳහා අයඳුම් කරන විගමනික ශ්රමිකයන්ගේ පහසුව සඳහා කාර්යාංශ වෙබ් අඩවිය යාවත් කාලීන කර තිබෙනවා. ඒ නව දැක්මක් යටතේ.
ශ්රමිකයන්ට සිදු වන අපහසුතා හා ප්රමාදයන් අවම කිරීම එහි අරමුණයි.
ඒ අනුව, අදාළ ශ්රමිකයන්ට පරිගණකයෙන් හෝ ජංගම දුරකථනයෙන් තොරතුරු ලබා ගත හැකියි.
www.slbfe.lk යන කාර්යාංශ වෙඩ් අඩවියේ, ඊශ්රායලය යන ද්වාරයෙන් හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය හා අදාළ සෙසු දක්ත ඇතුළත් කිරීමෙන් පසු තොරතුරු ලබා ගත හැකි බවයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරන්නේ.