නාවික හමුදා සහායෙන් කැස්බෑවෙකු බේරා ගැනේ

දෙසැ 25, 2019

    නාවික හමුදාව විසින් අද (25) උදැසන කන්කසන්තුරේ තල් සෙවන වෙරළ තීරයේ සිටි කුස්බෑවෙකු බේරා ගැනිමට සමත් ව තිබේ.

    හොඳින් වැඩුනු මෙම කැස්බෑවා සැඩ රළ පහර‍ට හසුවී තල් සෙවණ මුහුදු තීරයේ තුවාල ලබා ගල්පර අතර සිරවී සිට ඇත. මෙලෙස බේරා ගන්නා ලද කැස්බෑවා ගොඩබිමට රැගෙනවිත් කඩිනම් ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය, වනජිවි දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලදි.

    වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවී යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද නාවික භටයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

    tortoise--01.jpgtortoise--02.jpg

    Latest News