නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 40 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරුපද්‍රිතව මුදවාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (27) කටයුතු කර ඇත.

නාවික හමුදාව විසින් අද (25) උදැසන කන්කසන්තුරේ තල් සෙවන වෙරළ තීරයේ සිටි කුස්බෑවෙකු බේරා ගැනිමට සමත් ව තිබේ.

දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර තිබේ.

යාපනය මාදගල් හා කොවිලම්තුඩුව මුහුදු ප්‍රදේශයේ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 122 යි ග්‍රෑම් 200ක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (05) නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව ‌සහ මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව අද (24) අළුයම සිදු කළ සෝදිසි කිරිමකදි මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා බාරයට ගෙන තිබේ.

ජර්මනියට අයත් ඇමේඩියා (Amedea) නම් මඟි ප්‍රවාහන නෞකාවේ සිටි රෝගාතුර මඟියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (ජනවාරි 18) කටයුතු කළේය.

Latest News