ප්‍රදේශ රැසකට නාවික හමුදාවෙන් සහන කණ්ඩායම්

දෙසැ 21, 2019

    දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර තිබේ.

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත මුළු දිවයිනම ආවරණය වන පරිදි නාවික විධානයන් තුළ හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සුදානම් කර තිබේ.

    හදිසි අපදාවන් වලදී සහන සැලසීම වෙනුවෙන් පුහුණුව ලත් නාවික හමුදා මැරීන් බලකාය, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) විශේෂ යාත්‍රා බලඝණය සහ නාවික හමුදා කිමිදුම් අංශය ඇතුළු නාවික පුද්ගලයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් රැසක් මේ සඳහා සුදානම් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 07:56

    Latest News