Update : වව්නියාවේ දී සෙබළෙකුට පහරදීමකින් පසු නැති වූ ගිණිඅවිය සොයාගනී

දෙසැ 25, 2019

    වව්නියාවේ දී හමුදා සෙබළෙකුට පහරදීමේ සිද්ධියෙන් පසු නැති වූ ගිණිඅවිය විශේෂ මෙහෙයුමකින් සොයාගනී.

    යුද හමුදා පොලීසිය සහ බුද්ධි අංශ විසින් කළ මෙහෙයුමේ දී කැකිරාව ප්‍රදේශයේ හමුදාවෙන් පැනගිය සෙබළෙකු සන්තකයේ තිබී සොයාගෙන තිබේ.

     

    වවුනියාව - බෝගස්වැව කඳවුරේ සෙබළෙක් කැපුම් තුවාල සහිතව රෝහල් ගත කෙරේ - (12:40)

    රාජකාරී නිමකර මුරපොළට එමින් සිටි වවුනියාව,බෝගස්වැව කඳවුරේ හමුදා සෙබළෙකු කැපුම් තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.

    සෙබළාගේ ගිනි අවිය අස්ථානගතවීම ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

    Last modified on බදාදා, 25 දෙසැම්බර් 2019 14:14

    Latest News