නීතිඥවරු පාඨලී වෙනුවෙන් පෙනී හිටින්න එපා - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි (වීඩියෝ)

දෙසැ 23, 2019
  • හිටපු අමාත්‍ය පාඨලී වෙනුවෙන් පෙනී හිටින්න එපා යැයි නීතිඥවරුන් ගෙන් ඉල්ලා සිටින බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි.

    උන්වහන්සේ මේ බව කියා සිටියේ අද(23) උදෑසන නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්...

    “වරද කාගෙ උනත් පාඨලී ට තිබුන තුවාල කාරය ගැන බලන්න.. ඒක තමයි මනුස්සකම.. ඒක නැති කෙනෙක් බෞද්ධයෙක් වෙන්නෙ නෑ... ලාල් කාන්ත වැනි අය කියනව මේක දේශපාලන පලිගැනීමක් කියල.. ඒත් පහුගිය කාලෙ රාජපක්ෂල හිරේ දානකොට එයා කොහෙද හිටියෙ.. මේක වරදකට දඩුවමක් මිසක් දේශපාලන පලිගැනීම් නෙමේ.. නීතිඥවරුන් ගෙන් ඉල්ලා සිටිනව පාඨලී වෙනුවෙන් පෙනී හිටින්න එපා කියල.. ගෝඨාභය කියන්නෙ මනුස්සකම තියන කෙනෙක්.. ඒනිසා එතුමා දේශපාලන පළිගැනීමේ කරන්නෙ නෑ..” යැයි වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News