ජලාශ 75ක ජල මට්ටම ඉහළට..43ක් වාන් දමයි

දෙසැ 23, 2019

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජලාශ 75ක ජල මට්ටම 87% දක්වා ඉහළ ගොස් තිබේ.

    ජලාශ 43ක් වාන් දමමින් පවතින බවයි, වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින්, සෝමාවතිය ප්‍රදේශයේ ගංවතුර අවදානම තවදුරටත් පවතියි. කන්තලේ,ඉඟිනිමිටිය,තබ්බෝව,රාජාංගනය,අඹකැන්ඔය,වෑමැඩිල්ල ඇතුළු වැව් කිහිපයක ද වාන් දොරටු තවමත් විවෘත කර තිබේ.

    කන්තලේ ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබේ. ඉන් තත්පරයට ඝන අඩි 1,100ක ජල ධාරිතාවක් නිකුත් කෙරේ. පහත් බිම් අවට සිටින ජනතාව මේ පිළිබඳ අවදානයෙන් සිටින ලෙසයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

    Last modified on සදුදා, 23 දෙසැම්බර් 2019 10:17

    Latest News