ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන පැමිණි තරුණයන් 14ක් අත්අඩංගුවට

දෙසැ 22, 2019

    හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් දහ හතර දෙනෙක් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් ඊයේ (21) දවස පුරා සිදු කරන ලද විශේෂ සොදිසි මෙහෙයුමකදි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    හැටන් පොලිස් අධිකාරි උපදෙස් පරිදි ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන පැමිණෙන අය අත්අඩංගුවට ගැනිම සඳහා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්, හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් සුනඛ අංශයේ ලුසි සුනඛයාගේද සහයෝගය ඇතිව දියත් කර තිබු සොදිසි මෙහෙයුමේදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වි ඇත.

    sripade-01.jpg

    හෙරොයින්, අයිස් , කේරල ගංජා සහ මදන මෝදක ගුලි සැකකරුවන් සන්තකයේ තිබි අත්අඩංගුවට ගැනිමට හැකි වු බවයි වැටලිම සිදු කළ හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20-30 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, එම සැකකරුවන් කොළඹ, ගම්පහ, ගාල්ල , ඇල්පිටිය, අවිස්සාවේල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සොදිසි මෙහෙයුම දියත් කළ පොලිස් නිලධාරින් කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
    මේ අතර (21) දිනයේ ශ්‍රි පාදය වන්දනා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

    Latest News