මැදින් පසොළොස්වක පොහොය සමග යෙදී ඇති මෙම සති අන්තයේ ශ්‍රී පාද වන්දනාව සඳහා සැදැහැවතුන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් පැමිණි බව, නල්ලතන්නිය පොලීසිය පවසයි. මේ වන විටත් විශාල පිරිසක් වන්දනාවේ නිරතව සිටින බවයි, පොලීසිය ප්‍රකාශ කළේ.

හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් දහ හතර දෙනෙක් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් ඊයේ (21) දවස පුරා සිදු කරන ලද විශේෂ සොදිසි මෙහෙයුමකදි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙවර ශ්‍රි පාද සමය හෙටින් ආරම්භ වෙයි. ඒ අනූව සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව ශ්‍රි පාද උඩමළුව වෙත රැගෙන යාම හෙට සිදු කෙරේ.

ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ වලින් කොටසක් රත්නපුර රජ මාවත ඔස්සේ පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කිරිම අද උදැසන 7.15 ට ආරම්භ කෙරිණ.

එළඹෙන ශ්‍රී පාද වන්දනා වාර්යේදී, නල්ලතන්නියේ සිට සීත ගඟුග දක්වා ඉදිකර තිබෙන අනවසර වෙළෙඳසැල් කඩා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

Latest News