නාච්දූවෙත් වාන් දොරටු විවෘත කෙරේ

දෙසැ 22, 2019

    උතුරු මැද පළාතට ඇද හැලෙන අධික වර්ෂාපතන හේතුවෙන් නාච්දූව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

    මේ වන විට නාච්චාදූව ජලාශයේ වාන් දොරටු 06ම අඩි 05 බැගින් විවෘත කර ඇත. වාන් දොරටු විවෘත කළද ඊට ඉහළින් අඟල් 04ක ප්‍රමාණයකින් තත්පරයට ඝණ අඩි 3490ක් ජලය පිට වේ.

    මේ වන විට ජලාශයේ ජල මට්ටම අඩි 25.4කි. මෙහිදී පිටවන ජලය මල්වතු ඔය හරහා මුදා හරින අතර එමගින් අනුරාධපුර පූජා භූමිය හි යම් ජල ගැලීම් තත්වයක් අති වී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කරයි. කෙසේ වෙතත් තත්පරයට ඝණ අඩි 6000ක් දක්වා ජල ප්‍රමාණයක් මල් වතු ඔය අවට ප්‍රදේශවලට හානියක් නොවන ලෙස මුදා හැරිය හැකි බව නාච්චාදූව වරි ඉංජිනේරු ශ්‍යාමනී ඉලංගසිංහ මහත්මිය පැවසීය.

    Latest News