මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

අගෝ 11, 2020

    දිවයින පුරා සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

    තලංගම පොලිස් දූෂණ මර්දන ඒකකය එම ප්‍රදේශයේ ඊයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් හෙලිකර ගැනීමට හැකිවිය. මත්කුඩු ජාවාරමට සම්බන්ධ 34 හැවිරිදි සැකකරුවෙක් එහිදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25ක් හා රුපියල් ලක්ෂ 5ක මුදලක්ද, පොලිස් භාරයට ගැනිණ. තවදුරටත් සිදුකළ විමර්ශනවල දී වසරක් තුළ මත්කුඩු ජාවාරමෙන් රුපියල් දහ අට කෝටි හැට නව ලක්ෂයක මුදලක් සංසරණය කර ඇති බව හෙළිවී තිබේ. සැකකරු හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    Latest News