බ්ලුමැන්ඩල් වැටලීමක දී රු.කෝටි 2ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

මැයි 07, 2021

    විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදුකර තිබූ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් සමග 23 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේ දී ගංජා වලින් නිෂ්පාදනය කරනු ලබන හෑෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 527ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල් රුපියල් ලක්ෂ 4ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්න බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ.

    මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන්නේ මෙරට අපරාධ රැසක් සිදුකර දැනට ඉන්දියාවට පළාගොස් සිටින කිඹුලා ඇළේ ගුණා නමැති සැකකරු හා ඔහුගේ සහෝදරයෙක් වන සුරේෂ් නමැත්තා බවට තොරතුරු හෙළිකරගෙන තිබේ.

    විශේෂ කාර්ය බළකාය විසින් මේ වන විට වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

    Latest News