Menubar

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙක් සමග රු.කෝටි 6ක් අත්අඩංගුවට

දෙසැ 20, 2020

    මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් සමග හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 310ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකින්.

    කඩුවෙල, මාලබේ හා වැලිවිට යන ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඔවුන් අතර සිදුවන ජාලගත මුදල් සංසරණය පිළිබඳ සොයා සිදුකර ඇති එම මෙහෙයුමෙන් කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හා 37 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එක් සැකකරුවෙක් සතුව තිබූ රුපියල් 59,051,820ක මුදලක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (20) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

    Latest News