ගානියා ප්‍රැන්සිස් සිටි සිර කුටියෙන් දුරකතනයක් හ සිම් කාඩ් පත් හමුවේ

දෙසැ 19, 2019

    ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් රඳවා සිටි බව කියන වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ වයි වාට්ටුවේ තිබී ජංගම දුරකතන හා සිම්කාඩ් 5 ක් සොයාගෙන තිබේ.

    බන්ධනාගාර විමර්ශන නිලධාරින් කළ වැටලීමකින් පසු ජංගම දුරකතන හා සිම්කාඩ් 5 ක් සොයා ගෙන ඇත.

    බන්ධනාගාර බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදී මෙම මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයාගත් බව බන්ධනාගාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි. සැකකාර තානාපති කාර්යාල නිලධාරිනිය සතුව ජංගම දුරකතන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම හදිසි සෝදිසිි මෙහෙයම සිදු කර තිබේ.

    ජංගම දුරකතන හා සිම්පත් 5 වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලීසියට බාර දීමට කටයුතු කර ඇත. සැකකාර තානාපති කාර්යාල නිලධාරිනිය 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    Latest News