එම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින්. “රට හදන සෞභාග්‍යයේ දැක්ම“ ජාතික ප්‍රතිපත්ති ප්රකාශනය අනුව ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකයක් ලෙස මාර්ග ජාල පද්ධතිය නවීකරණය හඳුනාගෙන තිබේ.
වාහන තදබදය දැඩිව පවතින ප්‍රදේශයන්හි එම තදබදය සහ රථවාහන අනතුරු අවම කරගැනීම මුලික අරමුණක්.
ඒ සඳහා ජාතික මහා මාර්ගයන්හි කිලෝ මීටර 3ත්-5ත් අතර පරතරයන්හි පසුකර යාමේ මංතීරු ඉදි කෙරේ. රථවාහන තදබදය සහ අනතුරු අවම කරගැනීම සඳහා සමස්ත මාර්ග ජාලයෙහි මතුපිට අලුතින් සකසා නවීකරණය කිරීම, ප්‍රධාන මහා මාර්ග හා අධිවේගී මාර්ග වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි විකල්ප මාර්ග ජාලයක් සංවර්ධනය කිරීම ද මීට ඇතුළත්. එම විකල්ප මාර්ග ජාලය වෙත ප්‍රවේශ වීම සඳහා ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කිරීම ද මෙහි ප්රමුඛ ව්‍යාපෘතියක්.