තානාපති කාර්යාලයේ සේවිකා සිද්ධිය පොදු හා ඵලදායි ක්‍රමවේදයකින් විසඳා ගැනීමට සූදානම්: ස්විට්සර්ලන්ත රජය

දෙසැ 17, 2019

    තානාපති කාර්යාලයේ සේවිකාව සම්බන්ධ සිද්ධිය පොදු හා ඵලදායි ක්‍රමවේදයකින් විසඳා ගැනීමට තමන් සූදානම් බව, ස්විට්සර්ලන්ත රජය පවසයි.

    එරට විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. සිද්ධිය සම්බන්ධ නෛතික කටයුතුවලදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය හා අදාළ සේවිකාව, ශ්‍රී ලංකා බලධාරීන්ට පූර්ණ සහය ලබාදුන් බව, එම නිවේදනයේ දැක්වේ. අදාළ කටයුතුවලට තම බලසීමාව තුළ උපරිම වශයෙන් සහය දක්වමින් ක්‍රියා කිරීමට ස්විස් තානාපති කාර්යාලය තවදුරටත් සූදානම්. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සමඟ ඊයේ සාකච්ජා කළ බව ද නිවේදනයේ සඳහන්. රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සේවිකාව සම්බන්ධ ඉදිරි පරීක්‍ෂණ හා නීති කටයුතු ඇයගේ පෞද්ගලික අයිතීන් ආරක්‍ෂා වන පරිදි සිදු කරන ලෙස ස්විට්සර්ලන්ත විදේශ කටයුතු පිළිබඳ ෆෙඩ්රල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 20:35

    Latest News