අමරවීර ලේකම් ධුරයෙන් ඉවතට

නොවැ 22, 2022

    ‍එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත් කර තිබෙනවා. ඒ, ඊයේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ  තීරණයකට අනුවයි. ‍

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත් කෙරුණු අතර, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. එමෙන්ම, අද පැවැත්වෙන අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමටයි,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වුණේ, ‍කොළඹ - ඩාලි පාරේ පිහිටි එම පක්ෂ  මූලස්ථානයේ දී. හිටපු ජනාධිපති, පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මධ්‍යම කාරක සභාවේ දී තීරණ රැසක් ගෙන තිබෙනවා‍.

    වත්මන් ආණ්ඩුවේ තනතුරු  බාරගෙන ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය විනය පරීක්ෂණ අවසන් වන තුරු තහනම් කිරීමට එහිදී තීරණය කෙරුණා.  

    හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මහත්මිය පක්ෂ මතයට පටහැනිව කටයුතු කිරීම නිසා ඇයගේ සාමාජිකත්වය ද අත්හිටුවීමටයි, මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන්නේ.                                            

    පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපතිවරු ‍ලෙස ෂාන් විජයලාල් ද සිල්වා, ෆයිසර් මුස්තාපා සහ අංගජන් රාමනාදන් යන මහත්වරුන් පත් කර තිබෙනවා.‍ මධ්‍යම කාරක සභා රැස්වීම අවසන් වීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා එම ස්ථානයෙන් පිටව ගියා.

     

      

    Latest News