බන්ධනාගාර රථයක් දිගම්පතහ දී අනතුරුට;නියාමකවරයෙක් මරුට (ඡායාරූප)

දෙසැ 18, 2019

    බන්ධනාගාර රැඳවියන් අධිකරණයට රැගෙන යමින් තිබූ වෑන් රථයක් සීගිරිය, දිගම්පතහ, අව්ඩන්ගාව ප්‍රදේශයේ දී අද අලුයම (18) අනතුරකට ලක්වීමෙන් බන්ධනාගාර නියාමකවරයෙක් මියගොස් තිබේ.

    රැඳවියක් සහ තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව සීගිරිය පොලීසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ පල්ලෙකැලේ බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ උදේකුමාර ඒකනායක නැමැති අයෙක්.වෑන් රථයක් පල්ලෙකැලේ බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා හිඟුරක්ගොඩ අධිකරණය වෙත රැගෙන යමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අනතුර සිදුව තිබේ.බන්ධනාගාර වෑන් රථය රියදුරුට නින්ද යෑම හෝ වාහනය ලිස්සා යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ නොහැකි තත්ත්වයකින් පසුවන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

    අනතුර සිදු වනවාත් සමග ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් කඩිනමින් දඹුල්ල රෝහලට රැගෙනවිත් තිබේ. වෑන් රථය මේ වනවිට සීගිරිය පොලිසිය භාරයේ පසුවන අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    07

    04 1

    05 2

    03 1

    01 1

     

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 08:36

    Latest News