අධ්‍යාපනය නඟා සිටුවීම ගැන ඇමති බන්දුල චීනයට කියයි

දෙසැ 17, 2019

    අධ්‍යාපන ක්‍ෂේත්‍රය තවදුරටත් නඟා සිටුවීම සඳහා රජය විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    ඊට චීන රජයේ සහය ලබාගැනීමට ද නියමිතයි.

    ඒ නිමිත්තෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ චීනතානාපති වෙන්ග් ෂුයෑන් මහතා අතර හමුවක් අද පැවැත්විණ.

    හමුව සිදුවූයේ, චීන තානාපති කාර්යාලයේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් අධ්‍යාපන වැඩසටහන් සඳහා චීන රජයේ අනුග්‍රහය ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණ. චීනයේ විශ්වවිද්‍යාල හා තාක්‍ෂණික ආයතනවල ආචාර්යවරුන් සහ ශිෂ්‍යයින් හුවමාරු කර ගැනීමේ වැඩසටහ් මෙන්ම, ශිෂ්‍යත්ව ප්‍රදානයන් ඇතුළු තවත් කරුණු ගණනාවක් පිළිබඳව ද අවධානය යොමු කෙරිණ.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, අනතුරුව සහභාගි වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවකටයි. එහි වෘත්තීය සමිති විසින් අමාත්‍යවරයා පිළිගනු ලැබීය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ආයතනයේ සේවකයින් අතර හමුවක් ද පැවැත්විණ.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 20:29

    Latest News