තේ වගාකරුවන්ට නව ව්‍යාපෘතිය යටතේ බිංදු ජල තාක්‍ෂණය

දෙසැ 17, 2019

    දිවයිනේ තේ වගාකරුවන් සඳහා අක්කරයකට රුපියල් ලක්‍ෂ 10ක ආධාර ලබාදීමේ ව්‍යාපෘතියක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.

    එමගින් අක්කරයක තේ දළු ප්‍රමාණය, කිලෝ 350 සිට දහස දක්වා වැඩි කිරීමට අපේක්‍ෂිතයි. ලෝක තේ දිනයට සමගාමීව ව්‍යාපෘතිය හඳුන්වා දී තිබේ. එය ගාල්ල, බද්දේගම, හම්මෑලිය ප්‍රදේශයේදී ආරම්භ කෙරිණ. ඒ, අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. නව ව්‍යාපෘතිය යටතේ බිංදු ජල තාක්‍ෂණයට අනුව, තේ පැළ වෙත සෘජුවම ජල සැපයුම ලබාදෙන අතර, පොහොර ද දියර වශයෙන් යෙදීමේ පහසුකම් හඳුන්වා දී තිබේ. ශ්‍රමය සඳහා වැය වන මුදල 50%කින් අඩුකර ගත හැකිවීම මෙහි විශේෂත්වයක්. අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී සඳහන් කළේ මෙරට තේ නිෂ්පාදන තවදුරටත් විධිමත් කර ජාත්‍යන්තරයට ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

    Latest News