කැළණි පාලමේ මහනුවර සිට කොළඹ දෙසට මංතීරු දෙකෙන් එකක් තාවකාලිකව සීමාකෙරේ

දෙසැ 16, 2019

    හෙට පෙ.ව 06.00 සිට කැළණි පාලම අබියස මහනුවර සිට කොළඹට රථවාහන ඇතුළුවන මංතීරු දෙකෙන් එකක් තාවකාලිකව සීමාකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

    ඒ එහි සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු හේතුවෙන් බවයි පැවසෙන්නේ.

    හෙට දින මෙම මංතීරුවේ රථවාහන ඇතුළුවීම සීමා කර තැබෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය සමග එක්ව සිදුකරන රථවාහන ධාවන සැලැස්ම පිළිබඳව පෙරහුරුවක් ලෙසින් වන අතර එහි අඩුපාඩු සොයා බැලීමෙන් අනතුරුව ජනතාව අපහසුතාවයට පත්නොවන ආකාරයට 2019.12.19 දින සිට 2020.01.21 දක්වා ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මෙම එක් මංතීරුවකට රථවාහන ඇතුළු කිරීම සීමා කෙරෙනු ඇත.

    මෙහිදී රථවාහන තදබදය අවම කරගැනීම සදහා 2019 දෙසැම්බර් 17 දින සිට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවෙන් සැහැල්ලු වාහන සහ බස්‍ රථ පමණක් කොළඹ දෙසට පැමිණීම සදහා විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළහැකි අතර කන්ටේනර් හා ලොරිරථ සදහා විකල්ප මාර්ගයක් ලෙස කොළඹ - මීගමුව ( A03) මාර්ගය භාවිතා කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 18:13

    Latest News