යාන්ඔය ව්‍යාපෘතිය නිසා මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

දෙසැ 16, 2019

    උතුරු මැද පළාතේ ක්‍රියාත්මක යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන්, හොරොව්පතාන හා වාහල්කඩ ඇතුළු ප්‍රදේශවල මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

    මේ නිසා, ගම්වාසීන් දුෂ්කරතා රැසකට මුහුණපා සිටින බවයි, වාර්තා වන්නේ. ඊට විකල්ප මාර්ග ඉදිකෙරෙන බවට සඳහන් වුවද, මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. වාහල්කඩ ජනතාවගේ සියලුම පරිපාලන කටයුතු ඇතුළු බැංකු පහසුකම් හොරොව්පතාන නගරය තුළ සිදු වුවද, ඒ සඳහා භාවිත කෙරුණේ කිලෝමීටර 20ක පමණ දුරක් වූ හොරොව්පතාන - කපුගොල්ලෑව හරහා වූ මාර්ගයයි.

    මෙම ජල ව්‍යාපෘතියත් සමග ජනතාවට කිලෝමීටර 60කට වැඩි දුරක් ගෙවා කැබිතිගොල්ලෑව හරහා ගමන් කිරීමට සිදුව තිබේ. ජලාශය මුළුමනින්ම පිටාර මට්ටමට පැමිණීම නිසා, ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ ජලාශයට ජලය පිරවීම ආරම්භ කෙරුණු අතර, ගිවිසුම ප්‍රකාරව වන්දි ප්‍රදානය සිදු නොවීම නිසා විකල්ප මාර්ග ලබා නොදීම නිසා, ව්‍යාපෘති නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර නිරන්තර ගැටුම් ද ඇතිවි තිබේ. එබැවින්, මේ පිළිබඳව අවධානය යොමුකර හොරොව්පතාන ප්‍රදේශවාසීන් මුහුණපා සිටින දුෂ්කරතාවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන්නැයි, ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

     

     

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 12:10

    Latest News