මෙහෙයුම දින 14ක් ක්‍රියාත්මකයි. පසුගිය නොවැම්බර් මස පළමු වැනිදා සිට යාන් ඔය ජලාශයට ජලය පිරවීම සිදුකෙරිණ. මේ වනවිට ජලාශයෙන් හරි අඩක් පුරවා අවසන්ව තිබේ. මේ හේතුවෙන් සතුන් විශාල ප්‍රමාණයක් අවතැන්ව සිටින බව, ව්‍යාපෘති අධ්‍යක්‍ෂ එම්.යූ.හේමකුමාර මහතා පැවසීය.
ඒ අනුව සර්ප විශේෂ, හූනන් විශේෂ, කටුස්සන් මෙන්ම මුවන්, ඉත්තෑවන් වැනි සතුන් ද අවතැන්ව සිටී. මෙහෙයුමට වනජීවි, නාවික හමුදා, පොලිස් හා තරුණ සත්වවේදීන්ගේ සංගමය යන ආයතනවල නිලධාරීන් ඇතුළු 40කට අධික පිරිසක් එක්වූහ.
මෝටර් බෝට්ටු ආධාරයෙන් ජලාශයේ සැරිසරමින් අවතැන්වී සිටින සතුන් මුදා ගැනේ. සතුන් හොරොව්පොතාන හා වාහල්කඩ යන ප්‍රදේශවල පිහිටි රක්‍ෂිතවලට මුදාහැරීමට නියමිතයි.