පූනෑව පොලිස් වසමේ පහළ ගල්කන්දේගම ප්රදේශයේදී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැණීම් සඳහා යොදාගත් උපකරණ හා පූජා භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 42 හා 46 යන වයස්වල පසුවන දියබෙදුම, බදුල්ල හා තෙල්දෙණිය ප්රදේශවල පදිංචිකරුවන්.
පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.