හෙට පැය 24ක ජල කප්පාදුවක්

දෙසැ 16, 2019

    හෙට (17) පෙ.ව 8.00 සිට පැය 24ක් පෑලියගොඩ,වත්තල,කටුනායක,සීදූව,ජාඇල,නගර සභා බලප්‍රදේශ හා බියගම මහර,දොම්පේ,කැලණිය,ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.

    මේ අතර විදුලි බල මණ්ඩලේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජලපවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව හෙට (17)  උදෑසන 8.00 සිට රාත්‍රී 7.30 දක්වා පැය 11.30ක කාලයක් මෙම ජල කප්පාදුව සිදුවෙයි. ඒ අනූව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල,මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 11:18

    Latest News