දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යුන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අධිකරණය මගහැරීමේ චෝදනාව මත මෙම වරෙන්තු නිකුත් කර ඇති බවයි.
රට තුළ යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දකුණු කොරියානු හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර එය පරාජයට පත්වීමත් සමග පසුගියදා ඔහුට සිය ධුරය අහිමි වුණා.
හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනවාරි 6 වන දිනට පෙර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෝල් අධිකරණය නියෝග කර තිබෙනවා.