ගානියා ෆ්‍රැන්සිස් අදත් CIDයට

දෙසැ 16, 2019

    ස්විට්සර්ලන්ත තානාපති නිලධාරීනිය අදත් (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

    ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමති මෙම කාන්තාව පැහැර ගැනීමකට ලක්වූ බව කියන සිද්ධියකට අදාළව මේ වන විට විමර්ශන සිදුකෙරෙමින් පවතියි. ඒ අනුව අවස්ථා කිහිපයකදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර අවසන් වරට පසුගිය සෙනසුරදා දිනයේ ප්‍රකාශයක් ලබාදුන්නාය. 

    මේ වනවිට ඇයගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක්ද ලබා දී තිබේ. ඊට අදාළ නඩු විභාගය හෙට දිනයේ කැඳවීමට නියමිතයි.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 16:17

    Latest News