සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටින්නන් අද අධිකරණයට

දෙසැ 16, 2019

    සුදු වෑන් රියදුරන් ලෙස පෙනීසිටි බවට ප්‍රකාශ කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක නැමැති සැකකරුවන් දෙදෙනා පසුගියදා කඩවත, මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේය. පසුව පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. ඒ අනුව මෙම සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් වලින් පැමිණ පුද්ගලයින් පැහැර ගැනීම පිළිබඳ මොවුන්ගෙන් එක් අයෙකු ප්‍රකාශයක් සිදුකළ අතර අනෙක් පුද්ගලයා උතුරු ප්‍රදේශයේ සිට රත්‍රං ප්‍රවාහනය කිරීම පිළිබඳ ප්‍රකාශයක් සිදුකළේය.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 07:31

    Latest News