හබරණ උද්‍යානයේ වැව් ඉදිකිරීමේදී අක්‍රමිකතාවක්

දෙසැ 15, 2019

    හබරණ, හුරුළු පාරිසරික උද්‍යානයේ වැව් ඉදිකිරීමේදී අක්‍රම්කතාවක් සිදුව ඇතැයි, ප්‍රදේශයේ සෆාරි සංගම් පෙන්වා දෙනවා.

    මේ හේතුවෙන් උද්‍යානය වැසීයාමේ තර්ජනයක් ද පවතින බව ඔවුන් පවසති. හබරණ පාරිසරික උද්‍යානය වන අලි නැරඹීම සඳහා ප්‍රසිද්ධ ස්ථානයක්. දවසේ ඕනෑම වේලාවක වන අලි නැරඹීමේ අවස්ථාව පැවතීම මෙහි විශේෂත්වයක්. මෑත කාලයේ දී රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වැය කර මෙම උද්‍යානයේ වැව් දෙකක් ඉදිකිරීම ආරම්භ කෙරිණ. නමුත් මේ වනවිට කුඩා වළවල් දෙකක් පමණක් සාදා ඇති අතර, එහි එක් බැම්මක් ද කැඩී ගොසින්. ඉදිකිරීම් සඳහා බරවාහන ගමන් කිරීමෙන් උද්‍යානයේ මාර්ගය ද දැඩි ලෙස අබලන් වී තිබේ.

    ඒ හේතුවෙන් ජීප්රථවලට ගමන් කළ නොහැකි තත්වයක් උදාවී ඇති බව සෆාරි සංගම් පෙන්වා දෙයි. සෆාරි සේවය නවතා දැමීම සිදුවුවහොත් සිය දෙනෙකුගේ පමණ රැකියාවලට ද තර්ජනයක් බව ඔවුන් පවසති. Tank px 900 15 12 19උද්‍යානය බාර අඩවිවන නිලධාරී ප්‍රියන්ත මහතා පැවසුවේ තමන් මේ පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කර ඇති බවයි.

    Latest News