ගානියා බැරිස්ටර් මනෝ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකට ඉදිරිපත් කෙරේ

දෙසැ 14, 2019

    පැහැරගත් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ලබන සඳුදා මනෝ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකට ඉදිරිපත් කරන බව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    ඇයගෙන් සිව්වන දිනටත් අපරාධ පරීක්‍ෂණ දොපර්තමේන්තුව ඊයේ සාක්‍ෂි සටහන් කර ගෙන තිබේ. ඊයේ උදෑසන 11.30ට පමණ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සින් මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියා. ඊයේ රාත්‍රිය වනතුරුම සාක්‍ෂි සටහන් කරගත් බව වාර්තාවේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබුණේ අදාළ කාන්තාව ඊයේ දිනයේ දී අධිකරණ මනෝ වෛද්‍යවරයෙකුගෙන් සමන්විත මනෝ වෛද්‍ය මණ්ඩලයකට ඇය ඉදිරිපත් කර අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙසයි.

    නමුත් ගානියා බැරිස්ටර් මහත්මිය ප්‍රමාද වී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිම හේතුවෙන් ඊයේ දිනයේදී වෛද්‍ය පරීක්‍ෂණය කිරීමට නොහැකි වූවාය. ඒ අනුව ලබන සඳුදා නැවතත් ඇයට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. එදින මනෝ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයකට ඇය ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට නියමිතයි. එම වාර්තාව ලබන අඟහරුවාදා අධිකරණයට ඉදිරිපත් කරන බව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 19:34

    Latest News