අයහපත් කාලගුණයෙන් ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් - විශේෂඥ වෛද්‍ය අරුණ විජේවික්‍රම (වීඩියෝ)

දෙසැ 14, 2019

    මෙම වර්ෂයේ මුල් මාසවලට සාපේක්‍ෂව නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙකේ ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව, වසංගත රෝග විද්‍යායතනය පවසයි.

    පැවති අයහපත් කාලගුණ තත්වය මීට හේතුවයි.මෙම මාස දෙකේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් එම සංඛ්‍යාව 9,198ක්. මධ්‍යම පළාතෙන් රෝගීන් 4,025 දෙනෙකු හා උතුරු පළාතෙන් 4,007 දෙනෙකු වාර්තාවේ. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ, කොළඹ,යාපනය, මහනුවර හා ගම්පහ යන දිස්ත්‍රික්කවලින්. එම මාස දෙකේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව විසිපන් දහසකට ආසන්නයි. එය වර්ෂ යේ අනෙක් මාසවලට සාපේක්‍ෂව විශාල වැඩිවීමක්. මේ වර්ෂය තුළ ඩෙංගු උණ වැළඳීමෙන් 90 දෙනෙකු මරණයට පත්ව තිබේ. ඒ පිළිබඳව අදහස් දැක්වූ කායික රෝග විශේෂඥ වෛද්‍ය අරුණ විජේවික්‍රම මහතා....

    “මේ වර්ෂය තුළ ඩෙංගු රෝගීන් 90,000ක් වාර්තා වෙලා තියෙනවා. මෙයින් 90 දෙනෙක් මියගිහින් තියෙනවා. මේ මරණ දිහා අධ්‍යයනය කළාම අපිට පේනවා මේකට එක හේතුවක් වෙන්නේ සමහර රෝගීන් එන්එස්ඒස් කියන ඖෂධ කාණ්ඩය, ඖෂධ වර්ගය ලබාගෙන තියෙනවා. එහෙම නැත්නම් මේ රෝගීන්ට වෙනත් ඖෂධ ලබාදීලා තියෙනවා. ඩෙංගු රෝගය කියලා අපි සැක කරන්නේ බොහෝ විට තද උණ, ඇඟපත වේදනාව සහ අධික හිසරදය. ඒ වගේම වමනය යාම වැනි මෙවැනි රෝග ලක්‍ෂණ තියෙනවා නම් මේ කාලය තුළ අපි ඩෙංගු රෝගීන් කියලා සැක කළ යුතුයි. එවැනි රෝග ලක්‍ෂ තියෙනවානම් කළ යුතු ප්‍රධානම කාර්යය වන්නේ විවේක ගැනීම, උණට පැරසිටමෝල් පමණක් ගැනීම ප්‍රමාණවත් ආකාරයට කට පාලනය කිරීම. උණ පටන් අරගෙන දින දෙකක් ගත වූ පසු රුධිර පරීක්‍ෂණය කරගත යුතුයි. ඒ පරීක්‍ෂණයත් සමඟ රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා“ යැයි විශේෂඥ වෛද්‍ය අරුණ විජේවික්‍රම මහතා පැවසීය.

    ජලය එක්රැස්ව ඇති ස්ථාන ඩෙංගු මදුරුවාට බෝවීමට ඉඩ සලසන බැවින් අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස, ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 19:42

    Latest News