මුස්ලිම් සමාජයට හොඳ පරිසරයක් නිර්මාණයට එකම විසඳුම SLPP එකයි - පා.ම. අස්තාර් (වීඩියෝ)

දෙසැ 14, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බිහිවිය යුතු බව, ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණේ ප්‍රධාන ලේකම්, අබ්දුල් සත්තාර් මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික රූපවාහිනියට ප්‍රකාශක් ලබා දෙමිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් සත්තාර් මහතා පැවසූ අදහස්...

    “මුස්ලිම්වරු හැටියට මේ ශ්‍රී ලංකා දේශපාලනය තුළ අපට අලුත් යුගයක් අවශ්‍යයි. එහෙනම් ඒකට තියෙන එකම මග තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිහිවීම. පළාත්වල සංවර්ධනයට වැඩසටහනේ මුස්ලිම් ප්‍රදේශයත් ඇතුළු කරලා තිබෙනවා. මුස්ලිම් ජනතාවට ලොකු වගකීමක් තියෙනවා අනාගත මුස්ලිම් සමාජයට අපි යහපත් පාරක් පෙන්නන්ඩ ඕනේ. හොඳ පරිසරයක් හදල දෙන්ඩ ඕන. එහෙනම් ඒකට එකම විසඳුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට මුස්ලිම් මන්ත්‍රීවරු බිහි කිරීම” යැයි ඔහු ප්‍රකාශ කරයි.

    Latest News