දෙමළ පක්ෂ එකතුවිය යුතු යැයි සුමන්තිරන් කළ ප්‍රකාශය හාස්‍යයට කරුණක් - සංගරී (වීඩියෝ)

දෙසැ 14, 2019

    දෙමළ ජාතික සන්ධානය සමඟ කිසි විටෙකත් සම්බන්ධ නොවන බව, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා පවසයි.

    දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා දෙමළ පක්‍ෂ එකතුවිය යුතු බවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. දෙමළ ජාතික සන්ධානය සමඟ ඒකාබද්ධ වීමට කළ යෝජනාව හාස්‍යයට කරුණක් බවයි, ආනන්ද සංගරී මහතා පවසන්නේ.

    ඒ පිළිබඳව අදහස් දැක්වූ ආනන්ද සංගරී මහතා....

    “දෙමළ පක්‍ෂ එකතු විය යුතු බවට එම්.ඒ. සුමන්දිරන් මහතා ඇරයුම් කර තිබේ. මෙම ඇරයුම අපගේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රතික්‍ෂේප කරනවා. කිසිසේත් අපට ඔවුන් සමඟ එකතුවන්නට බැහැ. සුමන්දිරන් කියන්නේ අතීතය නොදන්නා පොඩි දරුවෙක්. ඔහු පක්‍ෂය තුළ සම්බන්ධන් මහතාගේ තනතුර අල්ලගෙනයි ඉන්නේ. නායකත්වය කියන්නේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ජනතාව රවටන තැනක් නෙමෙයි. නායකත්වය කියන්නේ ඉතා වගකීම් සහිත දෙයක්. දෙමළ ජනතාව රවට්ටන්නේ නැතිව ඔයගොල්ලෝ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට මා ප්‍රකාශ කරනවා“ යැයි ආනන්ද සංගරී මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 18:35

    Latest News