දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපය ගැන සැකයක්

පෙබ 24, 2022
  • දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව විරෝධතාවක යෙදෙමින් සිටිති.

    ඔවුන් ජනාධිපතිතුමා හමු වී සංදේශයක් භාර දීමට පැමිණ ඇති බව සඳහන් කළත්
    අද (24) ජනාධිපතිතුමා හමුවීමට පැමිණෙන බවට කිසිඳු පෙර දැනුම් දීමක් සිදුකර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    ජනාධිපතිතුමා අද පෙරවරුවේ මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා පිටත්ව ගොස් ඇති අතර දෙමළ සන්ධාන මන්ත්‍රී පිරිසට අග්‍රාමාත්‍යතුමා හමුවීමට වේලාවක් ලබාදී තිබුණත් ඔවුහු එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.

    ජනාධිපතිතුමා සිය කාර්යාලයේ නොමැති අවස්ථාවක පෙර දැනුම් දීමකින් ද තොරව පැමිණ මෙලෙස විරෝධතාවක නිරත වීම ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබා දීමට සැලසුම්සහගතව කෙරෙන කුමනත්‍රණයක් බව පැහැදිලි යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 පෙබරවාරි 2022 16:55

    Latest News