ප්‍රතිසංධානය පලක් නැහැ මහ සංඝරත්නය පිළිගන්නේ නැති නම්: මම හැමදාම සිටියේ පක්ෂය රකින්න (වීඩියෝ)

දෙසැ 14, 2019

    ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්වයකට අවස්ථාව ලබාදිම තම අරමුණ බව එජාප නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) ගාල්ලේ දි පැවසිය.

    පක්ෂය ප්‍රතිසංධානය කිරිමෙන් පමණ පලක් නොවන බවත් අලුතින් හිතන්න අවස්ථාව උදාවි ඇති බවත් ඔහු කියා සිටියේය. මහ සංඝරත්නය පක්ෂයේ අරමුණ සමඟ බද්ද නොවන්නේ නම් ඒ සඳහ අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදි පෙන්වා දුනි.

    හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මන්ත්‍රිවරයාගේ ගාල්ල උළුවිටිකේ පිහිටි නිවසේ පැවති ගාල්ල එජාප බල මණ්ඩල රැස්විම අමතිමින් එජාප නායකවරයා මේ බව සදහන් කළේය.

    “ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්ව පැලැන්තියක් හදන්න ඔන. දුර්වල පාර්ලිමේන්තුවකින් ඒක කරන්න බැහැ. ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්වයකට ක්‍රියාකරන්න අවස්ථාව ලබාදිය යුතුයි. එහෙම වුණොත් අපිට පුළුවන් මේක අන්ත පරාජයකට යන්නේ නැතිව ජයග්‍රහණයක පළමු පියවරය තබන්න. අලුත් එජාපයක් අලුත් සන්ධානයක් ඇති කිරිමට කටයුතු කරනවා.

    අපේ පක්ෂය ඉදිරියට ගෙනි යන්න ප්‍රතිසංවිධනය ගැන අපි විතරක් කථා කරලා හරියන්නේ නැහැ. අපි කියන දේ මහා සංඝරත්නය පිළිගන්නේ නැතිනම් එකේ තියෙන ප්‍රයෝජනය කුමක්ද. මහා සංඝරත්නය සමඟ කථාකරලා ඉදිරියට යන්න අපි උපදෙස් ගන්න ඕන

    ජනවාරි මස 01වැනිදා සිට විහාරස්ථානවලට ගොස් අඩුපාඩු ගැන මහා සංඝරත්නය සමග කථාකරන්න. අපි අලුත් විදියකට බලන්න ඕන මේ පක්ෂය අලුත් විදියකට ගෙනියන්න ඕන මම හැමදාම හිටියේ මේ පක්ෂය ආරක්ෂා කරන්න.”

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 20:27

    Latest News