නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනිමෙන් රාජිත මුල්‍ය වංචාවක් කළා: මුසම්මිල්ගෙන් CDI පැමිණිල්ලක්

දෙසැ 13, 2019

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (13) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    2017 වසරේදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා වසරකට රුපියල් ලක්‍ෂ 30,000කට අධික රජයේ මුදලක් වැය කරමින් නඩත්තු කිරීමෙන් රාජිත සේනාරත්න මහතා බරපතළ මූල්‍ය අපරාධයක් සිදුකර ඇතැයි පැමිණිල්ලේ සඳහන්වේ.

    මෙම මූල්‍ය අපරාධ පැමිණිල්ල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඉදිරිපත් කිරීමට ගිය ද එහි නිලධාරින් පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බව දැනුම් දී එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් දැනුම් දීමත් පැමිණිල්ලේ සඳහන් වේ.

    නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට වසර 10ක ගතවන තෙක් පවරා ගැනීම සිදුකළ නොහැකි බව දැන කැබිනට් මණ්ඩලය නොමඟ යවමින්, එය රජයට පවරා ගැනීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් රාජිත සේනාරත්න මහතා බරපතළ මූල්‍ය අපරාධයක් සිදුකොට ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ. බවට එම චෝදනාව සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කළ හැකිව බවත් ඉහත කී කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගෙන පෞද්ගලික රෝහලක් වන නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට වැය කොට ඇති රජයේ මුදල් හා සම්පත් ප‍්‍රමාණය අතිමහත්බවත් මුසම්ම්ල් මහත් සිය පැමිණිල්ල මගින් දැනුම් දී තිබේ. එම පෞද්ගලික රෝහලට රජයේ හෙදියන් හා වෙනත් රෝහල් කාර්ය මණ්ඩල යොදවා ඔවුන්ට රජයෙන් වැටුප් ගෙවා ඇති අතර ඒ සඳහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 27කට ආසන්න බවත් දැනුම් දී ඇත.

    මාසිකව නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ පරිපාලන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 200ක් ද ඹෟෂධ මිල දී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක් ද වැය කොට ඇති බවත් ඒ අනුව වසරකට රුපියල් මිලියන 3000ක රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුකර ඇති බවත් මුසම්ම්ලි මහතාගේ ලිඛිත පැමිණිල්ලේ සඳහන්වේ. මුසම්ම්ලි මහතා ඇතුලු පිරිස විසින් ලිඛිත හා වාචික සාක්ෂි සහිතව ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින්නේ බරපතළ මූල්‍ය අපරාධය පිළිබඳව කඩිනමින් පරික්‍ෂණයක් සිදුකරන ලෙසයි.

    Latest News