ජපාන විදේශ ඇමති අද දිවයිනට

දෙසැ 12, 2019

    ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්ෂු සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

    නව රජයට සුබ පැතුම් එක් කරමින් දෙරට අතර පවතින මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.  ඒ අනූව අද පස්වරුවේ මෙරටට පැමිණෙන ජපාන විදේශ අමාත්‍යවරයා ලබන සෙනසුරාදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 10:21

    Latest News