ස්ප්‍රිංවැලි තේ කූඩේ කඳුලු කථාව

දෙසැ 12, 2019

    දේශීය තේ කර්මාන්තයේ කඩාවැටිමත් සමග දලු කූඩ නිෂ්පාදකයන් දහස් ගනණකගේ රැකියාව ද අහිමිවී තිබේ.

    බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි තේ වතු සදහා දලු කූඩ නිෂ්පාදනය කළ බදුල්ල ස්ප්‍රිංවැලි ගම්මානයේ පමණක් මෙසේ අසරන වූ පිරිස සියයක් පමණ වේ. තේ දළු නෙලීම කූඩවලින් ඉවත් කර යූරියා මලුවලට තේ නෙලීමට වතු පාලකයන් තීරණය කිරිමත් සමග මේ තත්වය උදාවූ බව තේ කූඩ නිෂ්පාදකයෝ පවසති.

    තේ වල තත්වය බාල වීමටද මෙය හේතුවි ඇතැයි අනාවරණය වී තිබේ. අවිධිමත් පරිපාලනය නිසා තේ කම්හල් සිය ගණනක් මේ වන විට වැසීගොස් ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් වැසි ගිය තේ කම්හල් ප්‍රමාණය 30 කි. තේ කූඩ කර්මාන්තයෙන් අහිමිවූ තම කර්මාන්තය නංවා ලීම ප්ලාස්ටික් (ඩස්ට්බින්) වෙනුවට බට වලින් හැදූ කුනු කූඩ නිෂ්පාදනය කරවා ර‍ජයේ කාර්යාල වලට භාවිතය අනිවාර්ය කළ හොත් මෙම ප්‍රශ්නයට විකල්ප විසදුමක් වන බවද ඔව්හු පෙන්වා දෙති.

    පරිසර හිතකාමී අදහස් ඇති නව ජනාධිපතිතුමා මේ අදහස කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයිද ඔව්හු විශ්වාසයෙන් පසු වන බව අප වාර්තාකරු පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 11:05

    Latest News