එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් අද ගත් තීරණය

දෙසැ 11, 2019

    එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයට පුළුල් සංධානයකින් ඉදිරිපත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේය.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පත්කළ කමිටුව අද (11) රැස්වීමෙන් පසුව ඔහු මේ බව කියා සිටියේය.

    මෙම කමිටුව අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැස් වුයේ පක්ෂ නායකත්වය හා එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිරණයකට එළඹිමේ අරමුණින්.

    ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, මලික් සමරවික්‍රම, වජිර අබේවර්ධන, මහාචාර්ය ආශු මාරසිංහ හා තලතා අතුකෝරාල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටු සමාජිකයින් එයට එක්ව සිටියේය.

    Latest News