UNP එකට අවශ්‍ය අලුතින් හිතන පිරිසක් - රනිල් වික්‍රමසිංහ (වීඩියෝ)

ජූලි 12, 2020
  • එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය වන්නේ අලුතින් හිතන පිරිසක් බව, එම පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු කියා සිටියේ, සාම්ප්‍රදායික දේශපාලනයේ සිටින පිරිස් පක්‍ෂයෙන් ඉවත් වූ බවයි. එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක උදාර රත්නායක මහතාගේ කෝට්ටේ පිහිටි කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය.

    තරුණ සංවිධාන කිහිපයක් එක්ව පිහිටුවා ඇති “පරපුර සංවිධානය“ එළිදැක්වීමේ උත්සවයට ද එක්සත් ජාතික පක්‍ෂ නායකයා එක්විය. කොළඹ පැවති එම උත්සවයේ දී “පරපුර“ සංවිධානයේ නිල ලාංඡනය සහ වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කරනු ලැබීය.

    එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

    “වෙනස් වෙන්න බැරිනම් එකතැන ඉන්නවානම් අසාර්ථක වෙනවා. බුදුන් වහන්සේගේ ධර්මය අනුවත් හැමවේලේම පරිවර්තනයක් තියෙන්න ඕනේ. ඒ පරිවර්තනයට, ඒ වෙනසට අපි එකතු වෙන්න ඕනේ“ යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

    Last modified on ඉරිදා, 12 ජූලි 2020 19:08

    Latest News