ස්විස් තානාපති කාර්යාල සේවිකාව හෙට (12) අධිකරණයට (වීඩියෝ)

දෙසැ 11, 2019

    කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ප්‍රැන්සින් නොහොත් ශ්‍රියාලතා පෙරේරා මහත්මිය කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අධිකරණ වෛද්‍යවරයාගේ විමර්ශන වාර්තා ද හෙට අධිකරණයට බාරදීමට නියමිතව තිබේ. ගානියා බැරිස්ටර් ප්‍රැන්සින් නොහොත් ශ්‍රීයාලතා පෙරේරා මහත්මිය මුහුණ දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා තුනකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබේ.

    මේ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයකට අනුව, ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් මහත්මිය කොළඹ අධිකරණ වෛද්‍යවරයා හමුවට අවස්ථා දෙකකදී ඉදිරිපත් කෙරිණ.

    මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවේ, අදාළ කාන්තාව ශාරීරික හෝ ලිංගික අතවරයකට ලක්වී ඇද්දැයි පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙසයි. ඊට අදාළ සියලු වාර්තා ද හෙට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අදාළ අංශවලට නියෝග ක‍ළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය වී තිබේ.

     

    Last modified on බදාදා, 11 දෙසැම්බර් 2019 20:20

    Latest News