හරිත දුම්රිය ස්ථාන ඉදි කිරිමට සුදානම් - රාජ්‍ය අමාත්‍ය සි. බි.

දෙසැ 11, 2019

    හරිත දුම්රිය ස්ථාන ඉදි කිරිම තම අරමුණ බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි. බි. රත්නායක මහතා පවසයි.

    හැටන් දුම්රිය ස්ථානයේ අද (11) නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් සි.බි රත්නායක මහතා මේ බව කියා සිටියේය.

    ලංකාවේ අපිරිසිදුම සහ අක්‍රමවත්ම දුම්රිය ස්ථානය හැටන් දුම්රිය ස්ථානය බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබි ඇති බවත් ඔහු පැවසිය. ත්‍රිරෝද රථ රියදුරන් විසින් දුම්රිය ප්‍රවේශපත්‍ර ඉතා වැඩි මිලකට මගින්ට අලෙවි කිරිම සම්බන්ධයෙන් පැමිණිලි ඇති බවත් රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිතා කිරිම යටතේ ඔවුන්ට විරුද්ධව නෛතික පියවර ගන්නා බව ද සි.බි රත්නායක මහතා පැවසිය.

    ත්‍රිරෝද රථ රියදුරන්ගේ නිතිවිරෝධි ක්‍රියාව වැලැක්වීමට ඊ ටිකට් සහ ඊ සිසන් පත් ලබා දිමේ ක්‍රමයක් කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසිය. හැටන් දුම්රිය ස්ථානයට රථ ගාලක්, විවේකාගාරයක් ඉදි කිරිමත්, හැටන් දික්ඔය නගර සභාව, අඹගමුව ප්‍රදේශිය සභාව සහ හැටන් ප්‍රදේශයේ වෙලද ප්‍රජාව සමග සාකච්ඡා කරන බවද අමාත්‍ය වැඩි දුරටත් පැවසිය.

     

     

    Latest News