SLFP විනය කඩ කළ මන්ත්‍රීවරුන් අද විනය කමිටුවට (වීඩියෝ)

දෙසැ 07, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කඩ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද විනය කමිටුව හමුවේ පෙනී සිටියේය.

    විනය කමිටුව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද රැස්වුණේ, නීතිඥ සංජය ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක සහ ලක්‍ෂමන් යාපා අබේවර්ධන යන මහත්වරුන් විනය කමිටුව හමුවේ පෙනී සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුමැතියකින් තොරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීම ඊට හේතුවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ද විනය කමිටුවට කැඳවා තිබිණ. විනය කඩ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටියේ, නීතිඥ අලි සබ්‍රි මහතායි. ඔහුගේ කරුණු දැක්වීම මත ජනවාරි මස 18 තෙක් විනය කමිටුව කල් තබනු ලැබීය.

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 22:22

    Latest News