දිවයින පුරා වැසි තත්වය ඉදිරි දිනවලදීත් (වීඩියෝ)

දෙසැ 07, 2019

    දිවයින පුරා පවතින වැසි තත්වය ලබන 09 සහ 10 යන දෙදින තුළ තරමක වැඩිවීමක් අපේක්‍ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    පසුගිය දිනවල පැවති අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්වූහ. අධික වැසි හේතුවෙන් දිවයින පුරා පවුල් 70,000ක, දෙලක්‍ෂ තිස් පන්දහස් 906 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පීඩාවට පත්වූවන්ට සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    අධික වර්ෂාවත් සමඟ බදුල්ල, නුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයාම් නිවේදන නිකුත් කෙරිණ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට ජනතාවට දැනුම් දෙන්නේ, නායයාම් ලක්‍ෂණ පිළිබඳව තවදුරටත් අවදානයෙන් පසුවන ලෙසයි.

    මහවැලි ගඟ පිටාර ගැලීමෙන්, පහත් බිම් රැසක් ජලයෙන් යටවිය. ඓතිහාසික සෝමාවතිය පුදබිම ද අඩි 8ක් පමණ උසට ජලය පිරී පවතී. අවට වනාන්තරවල වන අලි විහාර භූමිය ආසන්නයේ රැඳී සිටින අයුරු දක්නට ලැබිණ. භීක්‍ෂූන් වහන්සේ ඇතුළු පිරිසට බෝට්ටු මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයේ.

    Somawathiya px 900 07 12 19

    අධික වර්ෂාවෙන් වවුනියාවේ පවුල් 253කට අයත් 763 දෙනෙකු අවතැන්ව සිටී. ප්‍රදේශයේ වැව් පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. වගා බිම් රැසකට ද හානි සිදුව ඇති බව වාර්තාවේ.

    Elephant px 900 07 12 19

    බණ්ඩාරවෙල තංතිරිය ප්‍රදේශයේ නිවසක් සහ ඊට යාබද ගරාජයක් ඊයේ රාත්‍රී නාය ගොස් තිබේ. කිසිවෙකුත් එම ස්ථානයේ නොසිටි බව අප වාර්තාකරු පවසයි.

    මේ අතර, උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව-බණ්ඩාරවෙල කොටසට ඇඳ වැටුණු පස් කන්ද ඉවත් කිරීම තවදුරටත් සිදු කෙරේ. ඒ යුද හමුදාවේ මූලිකත්වයෙන්. අද එම ප්‍රදේශයේ වර්ෂාව පැවති අතර, දුම්රිය ධාවනය කෙරෙන්නේ, කොළඹ සිට දියතලාව දක්වා පමණි.

    කිලිනොච්චි ඉරණමඩු වැවේ වාන් දොරටු සියල්ල විවෘත කර තිබේ. මේ නිසා ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවිය.

    අධික සුළං හේතුවෙන් මුලතිව් කෝකිලායි මාර්ගයට විශාල ගසක් කඩා වැටී තිබේ. යුද හමුදාව හා නාවික හමුදාව එක්ව ගස කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    Tree px 900 07 12 19

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 22:14

    Latest News