සෞභාග්‍යයයේ දැක්ම ගැන ආසියානු නවෝත්පාදන සමුළුවෙදී පා.ම. නාමල්ගෙන් හෙලිදරව්වක්

දෙසැ 07, 2019

    නව රජයේ සෞභාග්‍යයයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත ලාංකික තාරුන්‍යය සංවර්ධනය පිළිබඳව ආසියානු නවෝත්පාදන සමුළුවෙදී විශේෂ අනාවරණයක් පාර්ලිමේන්තු ම්නත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකර තිබේ.

    ආසියානු නවෝත්පාදන සමුළුව ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්විණ. ආසියානු රාජ්‍ය කිහිපයකම අලෙවිකරන නියෝජිතයන් රැසක් සහභාගි වූ මේ සමුළුවේදී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සංස්කරණයෙදී තාරුන්‍යයට ලබාදිය යුතු අවදානය පිලිබඳවද සාකච්ඡා කෙරුනි.

    මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ලොව ප්‍රවීනතම අලෙවිකරන දේශකයෙක් වන මහචාර්ය හර්මාවන් කර්ටජයා සමගද "රාජ්‍ය සන්නාම" කරනයේ වැදගත්කම පිලිබඳවද සාකච්ඡා කර තිබේ. ඉන්දුනීසියාවේ සංචාරක සහ නව ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍ය විශ්නුතාමා කුසුබන්දියො හා නාමල් රාජපක්ෂ මහතා අතර ඉන්දුනීසියාව සහ ලංකාව අතර සංචාරක කර්මාන්ත වර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් හුවමාරුවි තිබේ.

     

     

     

    Latest News