උපන් විගස කැලයක දමා ගිය බිලිඳියගේ ජිවිතය අනුනමයෙන් බේරෙයි

දෙසැ 07, 2019

    උරයක දමා කැලැවක තිබි අලුත උපන් බිළිඳියක් පුත්තලම පොලීසිය මැදිහත්වී සොයා ගැනිමෙන් පසු පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසුව නොමේරු ඒකකයට ඇතුලත් කර තිබේ.

     පුත්තලම කුරූණැගල මාර්ගයේ 4 කනුව නාවික හමුදා කඳවුර ආසන්නයේ පිහිටි රජයේ රක්ෂිතයේ මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගැනින.

    මාර්ගයේ ගමන් ගනිමින් සිටි අයෙකු ශරිර අවශ්‍යතාවයක් සදහා කැලැව දෙසට ගමන් කිරිමේ දි කුඩා දරුවෙකු හඩනු ඇසි ඒ ගැන සොයා බැලීමේදී උරයක දමා සිටියදි බිලිඳිය සොයා ගෙන තිබේ. ඒ අනුව ඔහු විසින් පොලිසියට දැන්වීමෙන් පසු පුත්තලම පොලීසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ 1920 සුව සැරිය ගිලන් රථයකින් බිළිඳිය පුත්තලම රෝහලට ගෙන ගොස් ඇත.

    Latest News