පා.ම. නාමල්ගේ රට ගමන් තහනම ඉවතට

ජූලි 18, 2019

    නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක් හෙලෝකෝප් නමැති සමාගමක ආයෝජනය කළ යැයි සැක කෙරෙන සිද්ධියට ඔහු ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට පැනවු විදේශ ගමන් තහනම ඔක්තෝම්බර් 24 වන දා දක්වා අත්හිටුවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විදේශ ගමන් තහනම අත්හිටවනු ලැබිණ.

    මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ දන්වා සිටියේය. නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය අධිකරණයට දැනුම දිණි.

    ඒ අනුව පැමිණිල්ල ඔක්තෝම්බර් 24 වනදා කැඳවීමට නියම කෙරුණු අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

    Latest News