අගමැතිතුමා ජයශ්‍රී මහා බෝ සමිදුන් වැඳ ආශීර්වාද ලබා ගනී (වීඩියෝ)

දෙසැ 07, 2019

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (07) පෙරවරුවේ ජයශ්‍රී මහා බෝ සමිදුන් වැඳ ආශීර්වාද ලබා ගත්තේය.

    ඉන් අනතුරුව අගමැතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අතර පසුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගැනීමට පැමිණ සිටි බැතිමතුන්ගේ සුවදුක් විමසීමටද අමතක නොකළේය.

    ඉන් පසු රුවන්වැලිසෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ ආගමික වතාවත්වල නිරත වී රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අගමැතිතුමා ඉන් අනතුරුව මිරිසවැටි විහාරාධිකාරී ඊතල වැටුණුවැවේ ඥානතිලක නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    එමෙන්ම ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උතුරු සහ උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත ආචාර්ය නුගේතැන්නේ මංගල ධම්ම කීර්ති ශ්‍රී සෝභිත රතනජෝති පඤ්ඤානන්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    මෙම අවස්ථාවන් සඳහා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සී. මුතුකුමාරණ, හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් ඇතුළු පිරිසක් එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 22:10

    Latest News