රජයට මැද පෙරදිග ආර්ථික හා සංස්කෘතික සහයෝගය පිරිනැමිමේ සහතිකයක්

දෙසැ 05, 2019

    ශ්‍රී ලංකාවේ මැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    නව රජයට මැද පෙරදිග රටවල සහයෝගය සෑමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරුන් මෙම හමුවේදී පැවසීය.

    මෙම හමුවට ඕමානය, පලස්තීනය, ඉරාකය, ඊජිප්තුව, කුවේට්, ලිබියාව, සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල්වල තානාපතිවරුන් එක්වුහ.

     

     

    Latest News