ජනපති අපේක්ෂකත්වය මා ඉල්ලුවේ නැහැ: ජාතික පුවත සාවද්‍යයි

සැප් 20, 2019

    කථානායක කරූ ජයසූරිය මහතා විසින් ජනපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට අද ප්‍රධාන ජාතික පුවත්පතක පළවු පුවත සාවද්‍ය බව කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ලේකම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ට පාර්ශව ගණනාවකින් ලැබුණු ඉල්ලීම් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් කරු ජයසූරිය මහතා විසින් පසුගිය (17) දින ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරන ලද බවත් ඔහු පවසයි. එමඟින් ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් දක්වා ඇති නමුත් එය ජනපති අපේක්ෂකත්වය ඉල්ලුම් කර නිකුත් කළ නිවේදනයක් නොවන බවත් එම නිවේදනයේ සඳහන්.

     

    Latest News